Saturday, 25 September 2010

වන විසිතුරු

                                       සුළගින්  නැලවී  විසිරෙන  මල්                රෑනයි
                          වැල්බැඳ  සමගින්  පියබන සමනල්          රෑනයි
                          ටින්  ටින් ගාමින්  ඇවිදින ලේනන්          රෑනයි
                          පරිසර සතුන් සැමදාමත්  එක                   රෑනයි   


                            කදුවැටි  ඇළ  දොල  වලින්   පිරිපුන් අප  වනපියස  ඉතා චමත්කාරය.   මෙම  පරිසරය   අපට  ලැබුණු      සම්පතකි.     අපගේ  ඡීවය රඳා පවතින්නේ ද මෙම  පරිසර  සම්පත  නිසාය.  පරිසරය නිසා අපට  සිදුවන  යහපත ඉමහත්ය.   ආහාර ,  ඡලය  ලබා ‍‍‍දෙන්නේද  මෙම පරිසර සම්පත  මගිනි.        මෙම නිසා අප පරිසරය අපවිසින්ම විනාශ නොකර ආරක්ෂා කරගත යුතුය.  පරිසරයේ  සුන්දරත්වය  මෙම වචන තුලින් පමණක් ලියා නිමකල නොභැක.  අපගේ කුඩා රටේ  සුන්දරත්වය  අපට නොදැනුනත්  විදේශ රට වලින්  එන සංචාරකයින් හට පරිසරය ඉතා සුන්දරය. පරිසරෙය්  සිටින  සතුන්  ගස් වැල් හා මිනිසුන් යන සියල්ල ජීවීන් යනුෙවන්  හදුන්වයි.පරිසරය රදාපවතින්ෙන් ද  ඒම ජීවීන්ෙග්  පැවැත්ම නිසාෙවනි. පරිසරෙය් තිෙබන අලංකාරවත් දියඅැලි සහ ගංඟා වලින් ලැෙබන ජලය සම්පත ජීවීන්ෙග් පැවැත්මට මුල්වූ ප්‍රධාන කරුනකි.  
                                       ස්භාවික පරිසරය.
  1.     ස්භාවික ක්‍රියාවලි අැසුරින් සකස්වී අැත.
  2.      ඉතා ඉහළ ශාක විවිධත්වයක් අැත.
  3.      ශාක හා සත්තව ෙකාටස් ඒහිම දිරාපත්වන බැවින් ෙපා්ෂක අාරක්ෂාෙව්.
  4.      ෙපාෙහාර ෙයදීම අවශ්‍ය නැත.

Saturday, 4 September 2010

හිමිදිරියේ අසිරිය

                           

                             හිරු රැස් දසඅත             විහිදෙන්නේ
                             කුරුළු ගීත හද               රැවුදෙන්නේ
                             තුරුලිය රඟමින්         හිනැහෙන්නේ
                             පරිසර  අසිරිය ‍             පෙන්වමිනේ


                             ඇල දොල ඟංඟ          ගලාබසින්නනේ
                             දියකඩ  මුතුකැට මෙන්      බබලන්නේ
                             කදුවැටි  අතරින් හිරු            පායන්නේ
                             සිත්රෑ ඇදි බිදු සිතුවම්             ලෙසි‍නේ
                               
                             තුරුලිය  හිනහෙන සීතල        සෙවනේ
                             නිහඩ පොකුරු මල් විකසිත     වන්නේ
                             අතුඅග පිනිබිඳු කඳුලු              සලන්නේ
                             ඒ කදුලෙන් ලොව සතුට           ලබන්නේ